Pages

Saturday, June 23, 2012

"වර්ගපූර්නිකාව" මේ කවුද?? මොනවද කරන්නෙ??

මේ ලිපිය ලියන්නෙ පොඩ්ඩක් විතර හිතේ අමාරුවෙන්.. හේතුව මේකයි. ගොඩක් අය දන්න දෙයක් තමයි අපේ ඉතිහාසයේ රාවනා කියල මහා ශ්‍රේෂ්ඨ රජවරයෙක් හිටිය කියන කාරනාව. මේ මෑතක ඉඳල මේ රාවනා රජතුමා ගැන හැමතැනින්ම වගේ එක එක විස්තර ඇහෙනව.මේ සමහර විස්තර නම් අතිශෝක්තියෙන් කරන වර්ණනා කියල හිතුනත් ඒදේවල් ගැන මීට වඩා ගැඹුරින් හොයල බලන්න ඕන. තාම මේ ගැන නියම විදියට පරීක්ෂණ කරනවද කියන එක නම් හරියටම දන්නේ නැහැ. 

නමුත් පහුගිය දවසක ජන්ජාලෙ කරක් ගහද්දි අහම්බෙන් වගේ රාවනා රජතුමා ගැන විස්තර තියන බ්ලොග් අඩවියකට ගියා. "වර්ගපූර්නිකාව". එකේ ඉස්සෙල්ලම් දැක්ක ලිපියෙ මාතෘකාව දැක්කම මම සෑහෙන්න පුදුම උනා. ඒ වගේම පොඩි ආඩම්බරයකුත් හිතට ආව. මොකද ඒ මාතෘකාවෙ විදියට නම් ලොකෙ මුල්ම මයික්‍රොචිපය හදල තියෙන්නෙ රාවනාගෙ කාලෙලුනෙ.. :P
ඒත් එක්කම මාතෘකාවෙ පොඩි හාස්‍යයක් දැනිච්ච නිසා ඒ ලිපිය දිගටම කියවන්න පටන් ගත්ත. හැබැයි ඒකෙ තිබ්බ කතාව මම මීට කලින් කියවල තියනව කියලත් දැනුනා. එත් එක්කම මේ ලිපියෙ අරමුන රාවනා සංකල්පය හෑල්ලුවට ලක් කිරීම කියලත් තේරුනා. ඒ ලිපිය ලියල තිබ්බෙ ඒ සතියෙ රිවිර පත්තරේ ගිය ලිපියක් උපුටාගෙන ඒකෙ තිබ්බ කරුනු වෙනස් කිරීමෙන්. ලිපිය පුරාම රාවනා සංකල්පය හෑල්ලුවට ලක්කරල විතරක් නෙවෙයි රිවිර පුවත් පතේ ලිපිය උපුටාගෙන දැනට නිවැරදි ලෙස හොයාගෙන තියන සමහර වෙනත් ඉතිහාස කරුනුත් හෑල්ලුවට ලක්කරල..
එළකිරි.com අඩවියෙන්
මේ බ්ලොග් එක කරන පුද්ගලය මීවනපලානේ ජයරත්න කියල කෙනෙක්. මෙයා ගැන එලකිරි එකෙත් ත්‍රේඩ් එකක් තියනව මම දැක්ක. ඒකෙ තිබ්බ විදියටනම් මෙයා බුදුදහමටත් සෑහෙන්න අපහාස කරල තියනවලු.
නමුත් එහෙම දෙයක් දැනට නම් මම දැකල නැහැ. කොහොම නමුත් මගේ අදහසනම් අපේ ඉතිහාසය අල්ලගෙන මේ කරන වැඩේ නම් වැරදියි. අපේ ඉතිහාස කරුනු ගැන එකඟ වෙන්න බැරිනම් මේවගේ පහත් වැඩ නොකර මීට වඩා වෙනස් පිලිගත්ත ක්‍රමයකට ඒ අදහස ප්‍රකාශ කරන්න තිබ්බ. නමුත් මෙතන වෙන්නෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්නෙ. මේකෙන් වෙන්නෙ රාවනා කියල කෙනෙක් ගැනත් ඒ අතීත තාක්ශණයක් ගැනත් ලෝකෙට කවදහරි හෙලිඋනොත් කවුරුත් පිලිගන්නෙ නැතිවීමයි.
එක්කො මේ මනුස්සය කාගෙ හරි කොන්ත්‍රාත් එකක් කරන්ව. නැත්නම් මේ මනුස්සයට ලොකුම මානසික ආබාදයක් තියනව....
 ..

7 comments:

  1. දැන් ස්ටයිල් එකට වගේ අරක කලේ රාවණා, මේක කලේ රාවණා කියලා හැම එකම එකවුන්ට් එකට දාන්න පටන් අරන්... රාවණාව ස්ටයිල් එකක්, ට්‍රෙන්ඩ් එකක් කරගෙන.

    රාවණා කියලා රජ කෙනෙක් හිටියයි කියන එක මමත් පිළිගන්න දෙයක්... තර්කානුකූලව බැලුවාම ඒක බොරුවක් කියන්න තියෙන ඉඩ අඩුයි. ඒ වුනත් මේ වැගේ වැඩ නම් කවුරු කලත් වැරදියි. රාවණා ඇත්තක් කියලා ඔප්පු කලොත් නම් ඇත්තටම වාසියක් වේවි... නමුත් රාවණා බොරුවක් කියලා ඔප්පු කරන්න උත්සාහ කරන එකෙන් ලැබෙන්නේ මොනවාද ? ඒ වගේ දෙයකින් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ???

    දන්නෝ දනිති... දැනුවත් කලාට ස්තුතියි සහෝ !!!

    ReplyDelete
  2. මෙහෙමයි චතු..බොරුවක් කියල ඔප්පුකරන්න හැදුවත් කමක් නැහැ. මොකද එතකොට මේක ඇත්ත කියල ඔප්පුකරන්න හදන අයයි එහෙම නැහැ කියන අයයි අතර ලොකු සංවාදයක් ඇතිවෙයි. එකෙනුත් තව නොදන්නා කරුනු බොහොමයක් ලෝකෙට එලිවෙයි. හැබැයි මෙතන කරන්නෙ කිසිම වැදගත් වැඩක් නෙවෙයි. මේකෙන් වෙන්නෙ මේ කතාව ගැන තියන විශ්වාසය නැතිවෙන එකයි මේක ගැන හොයන්න තියන ආසාව නැතිවෙන එකයි. කොහොම උනත් comment එකට බොහොම ස්තුතියි..

    ReplyDelete
  3. මට දැනට එඩලටයක් ලැබිලා තියනවා. මම උත්සහ කරනව ළගදිම ඒකෙ තියන අසත්‍ය ඔප්පු කරල පෙන්නන්න. අන්තවාදින් නිසා දැන් ලංකාවට වෙන්නෙ විශාල හානියක්. මේ සුරංගනා කථා වලින් සමාජයට වෙන හානිය මුලිනුපුටා දාන්න අපි කටයුක් කරන්න ඕන.

    ReplyDelete
  4. මට දැනට එඩලටයක් ලැබිලා තියනවා. මම උත්සහ කරනව ළගදිම ඒකෙ තියන අසත්‍ය ඔප්පු කරල පෙන්නන්න. අන්තවාදින් නිසා දැන් ලංකාවට වෙන්නෙ විශාල හානියක්. මේ සුරංගනා කථා වලින් සමාජයට වෙන හානිය මුලිනුපුටා දාන්න අපි කටයුක් කරන්න ඕන.

    ReplyDelete
  5. mamath oya blog eka kiyewwa .mara tharka deela thiyenne.

    ReplyDelete
  6. මාන්සික රෝගියෝ හැමතැනම හෆ්ෆා...:/

    මිනිස්සු කරන්නෙ තමන්ගෙ අදහසට එකඟ නොවෙන, තමන් අදහන්නෙ ගරු කරන්නෙ නැති දේවලට, නොදන්න දේවලට, එක්කො බොරු කියනවා.. නැත්තම් අපහාස කරනවා... ඕක දැන් පුරුද්දකට ගිහින්ද කොහෙද

    ReplyDelete
  7. @ sanskaravinivida: ඔව් ඇත්තටම..මෙහෙම මානසික රෝගීන්ට නටන්න දෙන්න හොද නැහැ බොහොම ස්තූතියි comment එකට..

    @අවතාර්: ඔව්..එක එක විකාර තර්ක දාල තියනව. මිනිහට වෙන වැඩ නැද්ද මන්ද මෙහෙම ගොන් වැඩ කර කර ඉන්න. ස්තුතියි comment එකට

    @හිතුවක්කාරි: එක තමයි. දැන් තියෙන්නෙ අමුතුම ලෝකයක්. ස්තුතියි comment එකට

    ReplyDelete