Pages

Thursday, September 6, 2012

සැබෑවූ සිහිනයක්.....


2012 අවුරුද්ද පටන් ගන්නකොටම හිතේ ලොකු හීනයක් පැලපදියම් වෙලා තිබුන. ඒත් මුල්මාස කීපයෙ සිද්ද වෙච්ච දේවල් නිසා ඒ හීනය හිත ඇතුලෙම මියැදිලා ගියා. හැබැයි කොහොම හරි වෙච්ච ඇබද්දි වලින් ගොඩ එනකොට අර නැතිවෙලා ගිය හීනය ආයේ දලු දාල ආව. ඒ හීනෙ තමයි හොඳ DSLR කැමරාවක අයිති කාරයෙක් වෙන එක. නමුත් ඉතින් ඒකට ලොකු බාදාවක් තිබ්බ. එ තමයි ඒ ජාතියෙ කැමරා වල මිල අධික වීම.



හැබැයි මේ පාරනම් පස්සට යන්න හිතුනෙ නැහැ. කොහොම හරි හීනෙ හැබෑ කරගන්න හිතල ඉස්සෙල්ලම සල්ලි හොයාගන්න වැඩේට බැස්ස..ඒකත් එච්චරම ලේසි උනේ නැහැ. ඔහොම මාසයක් විතර ඉන්නකොට තමයි වැඩේ ගොඩ දාගන්න පුලුවන් ක්‍රමයක් සෙට් උනේ. ඔන්න ඉතින් ගෙදර කට්ටියගෙත් උදව් ඇතුව කොල්ල වැඩේ ගොඩ දාගත්ත. එ කියන්නෙ ඉතින් දැන් කොල්ල DSLR කැමරාවක සාඩම්බර හිමිකාරයෙක්.. :D :D

මෙච්චර වෙලා පම්පෝරිය ගැහුවට ඉතින් කැමරාව මොකද්ද කියල කිව්වෙ නැහැනෙ. ඔන්න ඉතින් අතේ තිබ්බ ගානට හරියන්නත් අනාගතයේ වැඩිය වියදම් එන එකක් නැහැ කියලත් උපකල්පනය කරල ගත්ත Nikon D5100 එකක්. ගොඩක් අය කිව්ව Canon එකක් ගන්න කියල. නමුත් ඉතින් ගානේ හැටියට මම නිකොන් එකක් තෝර ගත්ත. ඉස්සෙල්ල ලොකු පම්පොරියක් ගැහුවට මේ කැමරාවත් Entry Level DSLR එකක්. එ කියන්නෙ ඉතින් මහ ලොකු එකකුත් නෙවෙයි. හැබැයි ඉතින් ඡායාරූපකරනය ඉගෙන ගන්න නම් කියාපු භාන්ඩෙ. හැබැයි සමහර ඡායාරූප ශිල්පියොත් තමන්ගෙ රැකියාවෙදි මේක පාවිච්චි කරනව මම දැකල තියනව..
ඔය පල්ලෙහ දාල තියෙන්නෙ D5100 එකේ පින්තූර වගයක්. ඊටත් පල්ලෙහ තියෙන්නෙ මගේ භාන්ඩෙ..




Camera Specifications

මගේ භාන්ඩෙ..

4 comments:

  1. යාලුවා මට ඔය කැම් එකේ විශේෂත්වයයි ලංකාවේ මිල ගනනුයි කියනවද. මම වැඩිය කැමරා ගැන දන්න එකෙක් නම් නෙමේ. ඒත් මටත් එකක් ගන්න ඕන.ගන්න එක හොඳ එකක් වෙන්නෙපායෑ. ඒකයි අහලා බැළුවේ.

    ReplyDelete
  2. @ Sarath Chandrasiri:
    යාලුවා සොරි වෙන්න ඕන. උත්තර දෙන්න මෙච්චර පරක්කු උනාට..කාලෙකින් මෙ පැත්තෙ ආවෙ.. මගෙ එක nikon D5100. මම නම් ගත්තෙ 89000. දැන් පොඩ්ඩක් ගාන අඩු වෙලා. මේක entry level DSLR camera එකක්. ඒ කියන්නෙ ආධුනිකයින්ට ඉගෙන ගන්න කියාපු බඩ්ඩ. සමහරු නම් කියනව nikon හොඳ නැහැ canon ගන්න කියල. ඒත් ඉතින් පටන් ගන්නකොට නම් මේක හොඳයි. මම මේක ගත්තෙ නුගේගොඩ cameralk එකෙන්.
    www.cameralk.com/
    http://www.dpreview.com/reviews/nikond5100

    ReplyDelete