Pages

Monday, December 31, 2012

ආයුබෝවන් 2012..ආයුබෝවන් 2013..

හ්ම්ම්ම්ම්ම්.... 2012 අවුරුද්දත් බොහොම ඉක්මනට ගෙවුන. ඒ කියන්නෙ තවත් අපි මාරයට ලංවෙනව කියන එකනෙ..කොහොම උනත්  අපි මේ ගත කරන්නෙ 2012 අවුරුද්දෙ අන්තිම පැය කීපය. මට හිතෙන විදියට නම් මේ තමයි ගත වෙච්ච අවුරුද්ද දිහා හැරිල බලන්න හොඳම වෙලාව.පහුගිය අවුරුද්දෙ කරපු වීරකම් මෝඩකම් ලැබිච්ච අත්දැකීම් ගැන මෙනෙහි කරන්න හොඳම වෙලාව.ඇත්තටම මේ ගත වෙච්ච 2012 අවුරුද්ද නම් මගේ ජීවිතේට ගොඩක් දේවල් එකතු කරපු අවුරුද්දක්.