Thursday, November 8, 2012
මොනවද මේ 3D BIOS....
හ්ම්ම්ම්ම්ම්ම්...බොහොම කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ. දිගටම ලියනව කියල හිතාගෙන බ්ලොග් එක පටන්ගත්තට දිගටම ලියන්න බැරි උනානෙ.. කම්මැලි කමයි වැඩ වැඩි කමයි දෙකම. හරි කොහොම උනත් ඔන්න ආයෙත් මේ පැත්තට ආව.
මම දැන් කතා කරන්න යන්නෙ පරිගණක ලෝකයට අලුතෙන් එකතු වෙච්ච තාක්ෂණයක් ගැන. අලුත් කිව්වට මේක අලුත්ම නැහැ..එකතුවෙලා ටික කාලයක් වෙනව. මේ තාක්ෂණය තමයි Unified Extensible Firmware Interface කියන එක. තව වචනයකින් කියනවනම් 3D BIOS.
Thursday, September 6, 2012
සැබෑවූ සිහිනයක්.....
2012 අවුරුද්ද පටන් ගන්නකොටම හිතේ ලොකු හීනයක් පැලපදියම් වෙලා තිබුන. ඒත් මුල්මාස කීපයෙ සිද්ද වෙච්ච දේවල් නිසා ඒ හීනය හිත ඇතුලෙම මියැදිලා ගියා. හැබැයි කොහොම හරි වෙච්ච ඇබද්දි වලින් ගොඩ එනකොට අර නැතිවෙලා ගිය හීනය ආයේ දලු දාල ආව. ඒ හීනෙ තමයි හොඳ DSLR කැමරාවක අයිති කාරයෙක් වෙන එක. නමුත් ඉතින් ඒකට ලොකු බාදාවක් තිබ්බ. එ තමයි ඒ ජාතියෙ කැමරා වල මිල අධික වීම.
Saturday, June 23, 2012
"වර්ගපූර්නිකාව" මේ කවුද?? මොනවද කරන්නෙ??
මේ ලිපිය ලියන්නෙ පොඩ්ඩක් විතර හිතේ අමාරුවෙන්.. හේතුව මේකයි. ගොඩක් අය දන්න දෙයක් තමයි අපේ ඉතිහාසයේ රාවනා කියල මහා ශ්‍රේෂ්ඨ රජවරයෙක් හිටිය කියන කාරනාව. මේ මෑතක ඉඳල මේ රාවනා රජතුමා ගැන හැමතැනින්ම වගේ එක එක විස්තර ඇහෙනව.මේ සමහර විස්තර නම් අතිශෝක්තියෙන් කරන වර්ණනා කියල හිතුනත් ඒදේවල් ගැන මීට වඩා ගැඹුරින් හොයල බලන්න ඕන. තාම මේ ගැන නියම විදියට පරීක්ෂණ කරනවද කියන එක නම් හරියටම දන්නේ නැහැ.
Monday, June 18, 2012
ඔන්න ආයෙත්....
හාහ්...ඔන්න ආයෙත් බ්ලොග් ඒක පැත්තෙ ආව..සෑහෙන්න කාලෙකින්.මම හිතන්නෙ මාස 6ට විතර පස්සෙ තමයි මේ ආවෙ. දැන් නම් මාව SBU එකෙනුත් එලවල ගොඩාක් කල්. ආයෙ SBU එකත් එක්ක සෙට් වෙන්නත් ඕන. කොහොම උනත් මේපාරනම් දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව. මගෙ පොඩි අදහසක් තියන්ව පරිගනක ක්ෂේත්‍රයේ අලුතින් හදුන්වල දීල තියන හා පැරණි තාක්ශණයන් ගැන ලියන්න. ඒක තමයි තියන ලොකුම බලාපොරොත්තුව. ඉතින් ඉක්මනටම ඒ ලිපි මාලාවත් එක්ක ආයෙ මේ පැත්තට එනව. දැනට ගිහින් එන්නම්...
Monday, October 17, 2011
ටයි මාමේ....!!!!!
පහුගිය 15 වෙනිද හැන්දෑවෙ ජන්ජාලෙ පැත්තෙ කරක් ගහන්න ආවහම
ඉස්සෙල්ලම දැක්කෙ බොහොම දුක හිතෙන දෙයක්. ටයි මාමා එයාගෙ ජීවිතෙන් සමුඅරගෙන ලු. මට
බොහොම ලොකු සංවේගයක් ඇති උනා. ඒ මොකද කියනවනම මම ටයි මාමාගෙ හොඳ රසිකයෙක්.
ඇත්තටම මගේ වයස් සීමාවෙ ඉන්න ගොඩක් ලාංකිකයො ටයි මාමගෙ රසිකයො.
මේ කෙටි සටහන
ලියන්නෙත් ටයි මාමා අපේ ළමා කාලය සුන්දර කරන්න වෙච්ච මහන්සියට උපහාරයක් වශයෙන්. අපේ
ටයි මාමා අපිට දිපු දේවලුයි, දැන් ළමයින්ට ලැබෙන දේවලුයි අතර ලොකු වෙනසක්
තියනව. දැන් ඉන්න ළමයින්ට ඇහෙන්නෙ කුනුහරප. හැබැයි අපේ ළමා කාලයේ අපි ගොඩක් ලස්සන
නිර්මාණ රස වින්ඳ. ටයි මාමේ,, අපේ ළමාකාලය සුන්දර කරාට ඔබට ගොඩක් පින්.
ඔබට නිවන් සැප ලැබේවා...!!!!!
![]() |
| උපුටා ගැනීම මුහුනු පොතෙන්........ |
Subscribe to:
Posts (Atom)









