මේ ලිපිය ලියන්නෙ පොඩ්ඩක් විතර හිතේ අමාරුවෙන්.. හේතුව මේකයි. ගොඩක් අය දන්න දෙයක් තමයි අපේ ඉතිහාසයේ රාවනා කියල මහා ශ්‍රේෂ්ඨ රජවරයෙක් හිටිය කියන කාරනාව. මේ මෑතක ඉඳල මේ රාවනා රජතුමා ගැන හැමතැනින්ම වගේ එක එක විස්තර ඇහෙනව.මේ සමහර විස්තර නම් අතිශෝක්තියෙන් කරන වර්ණනා කියල හිතුනත් ඒදේවල් ගැන මීට වඩා ගැඹුරින් හොයල බලන්න ඕන. තාම මේ ගැන නියම විදියට පරීක්ෂණ කරනවද කියන එක නම් හරියටම දන්නේ නැහැ.
Saturday, June 23, 2012
Monday, June 18, 2012
ඔන්න ආයෙත්....
හාහ්...ඔන්න ආයෙත් බ්ලොග් ඒක පැත්තෙ ආව..සෑහෙන්න කාලෙකින්.මම හිතන්නෙ මාස 6ට විතර පස්සෙ තමයි මේ ආවෙ. දැන් නම් මාව SBU එකෙනුත් එලවල ගොඩාක් කල්. ආයෙ SBU එකත් එක්ක සෙට් වෙන්නත් ඕන. කොහොම උනත් මේපාරනම් දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව. මගෙ පොඩි අදහසක් තියන්ව පරිගනක ක්ෂේත්‍රයේ අලුතින් හදුන්වල දීල තියන හා පැරණි තාක්ශණයන් ගැන ලියන්න. ඒක තමයි තියන ලොකුම බලාපොරොත්තුව. ඉතින් ඉක්මනටම ඒ ලිපි මාලාවත් එක්ක ආයෙ මේ පැත්තට එනව. දැනට ගිහින් එන්නම්...
Monday, October 17, 2011
ටයි මාමේ....!!!!!
පහුගිය 15 වෙනිද හැන්දෑවෙ ජන්ජාලෙ පැත්තෙ කරක් ගහන්න ආවහම
ඉස්සෙල්ලම දැක්කෙ බොහොම දුක හිතෙන දෙයක්. ටයි මාමා එයාගෙ ජීවිතෙන් සමුඅරගෙන ලු. මට
බොහොම ලොකු සංවේගයක් ඇති උනා. ඒ මොකද කියනවනම මම ටයි මාමාගෙ හොඳ රසිකයෙක්.
ඇත්තටම මගේ වයස් සීමාවෙ ඉන්න ගොඩක් ලාංකිකයො ටයි මාමගෙ රසිකයො.
මේ කෙටි සටහන
ලියන්නෙත් ටයි මාමා අපේ ළමා කාලය සුන්දර කරන්න වෙච්ච මහන්සියට උපහාරයක් වශයෙන්. අපේ
ටයි මාමා අපිට දිපු දේවලුයි, දැන් ළමයින්ට ලැබෙන දේවලුයි අතර ලොකු වෙනසක්
තියනව. දැන් ඉන්න ළමයින්ට ඇහෙන්නෙ කුනුහරප. හැබැයි අපේ ළමා කාලයේ අපි ගොඩක් ලස්සන
නිර්මාණ රස වින්ඳ. ටයි මාමේ,, අපේ ළමාකාලය සුන්දර කරාට ඔබට ගොඩක් පින්.
ඔබට නිවන් සැප ලැබේවා...!!!!!
![]() |
| උපුටා ගැනීම මුහුනු පොතෙන්........ |
Thursday, August 25, 2011
සිත්ගත් ගීයක්
ටික දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ. පහුගිය දවස් ටිකේ ටිකක් කාර්යබහුල වෙලා හිටියෙ. අද මම දාන්න හදන්නෙ මගෙ හිතට ඇල්ලුව ගීතයක් ගැන. මේ කියන්න හදන කතාවෙ දෙපැත්තක් තියනව. මේකෙදි එක පැත්තක් විතරයි මම කතා කරන්නෙ. අනිත් පැත්ත අල්ලගෙන මට කොටිය කියල කියනව නෙමේයි ඕන්.......
මේ සින්දුව ලියල තියෙන්නෙ අපේ රටේ ඉන්න දක්ෂම පදරචකයෙක් වෙන රත්නශ්‍රී විජේසිංහයන් විසින්.ගායනය කරන්නෙ නැසීගිය ගුනදාස කපුගේ මහතා. සංගීතය ක්කගෙඩ කියන්න මම හරියටම දන්නෙ නැහැ. නමුත් වෙබ් අඩවියක සඳහන්වෙන විදියට සංගීතයත් කපුගේ මහතාගෙමයි.
මේ සින්දුවෙ හරි අපූරු යෙදුම් කීපයක්ම දකින්න පුලුවන්. සින්දුව පටන් ගන්නෙ සිංහල සින්දු කියන හැබැයි නළලෙ තිලක තියන කිරිල්ලියක් ගැන කියමින්. මේක අමුතු යෙදුමක්. මෙතන කියන්නෙ උපතින් සිංහල නමුත් පසුව දෙමල ජාතිකයන් සමග ජීවත් වුනු කාන්තාවක් ගැන.
කවුද මේ කාන්තාව. මම කතාව කියන්නම්. මට කාලය නම් හරියටම මතක නැහැ. මතක විදියට හැත්තෑ ගන්නවල වගේ. ඒ කාලෙ පොලිසියට බඳව ගන්න සම්මුඛ පරීක්ෂණ තිබිල තියෙන්නෙ බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථානෙ විතරයි. ඉතින් මුලු රටේම පොලිසියට බැඳෙන්න කැමති අය කොළඹ එන්න ඕන. ඉතින් එක්තරා දවසක ගාල්ලෙ හිනිදුම පැත්තෙ ඉඳල තරුණියක් කොළඹ ආවා , කාන්තා පොලිස් කොස්තාපල්වරු බ්ඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න. වාසනාවකට හෝ අවාසනාවකට මේ තරුණියව සම්මුඛ පරීක්ෂණයට භාජනය කලේ දෙමළ ජාතික පොලිස් නිලධාරියෙක්.
මේ තරුණිය සම්මුඛ පරීක්ෂණයෙන් සමත් උනා. කොහොම කොහොම හරි ටික දවසක් යද්දි මේ දෙන්න අතර ඇතිවුන ආදරයට ජාතිය බාදාවක් උනේ නම් නැහැ. මේ කාලෙ වෙනකොටත් උතුරෙ පොඩි පොඩි කචල් තිබිල තියනව. කොහොමින් හරි මේ සිද්ධිය තරුණියගෙ ගෙදර අයට දැනගන්න ලැබිල තියනව. ගාල්ලෙ හිනිදුම කියන්නෙ ඉතින් අමු සිංහල පැත්තක් නෙ. ඒක නිසාද කොහෙද ගෙදරින් මේ සම්බන්දය ගැන දැඩි විරෝදයක් එල්ල වෙලා. හැබැයි ඒ විරෝදය මේ තරුණිය ගනන් ගෙන නැහැ. කොහොම කොහොම හරි මේ දෙන්නා විවාහ වෙලා. තරුණිය මුරණ්ඩු කමට දෙමළ ජාතිකය එක්ක විවාහ උන නිසා තරුණියගෙ ගෙදර අය එයා මැරුණ කියල දානයකුත් දීල.
පස්සෙ කාලෙක ඇතිවෙච්ච කලුජූලිය නිසා මේ දෙමළ ජාතිකයට කරදර වෙලා තියනව. පස්සෙ මෙයා තමන්ගෙ බිරිඳත් එක්ක තමන්ගෙ උපන් ගම වෙච්ච යාපනයට ගිහිල්ල. මේ කාලෙ තමයි ප්‍රභාකරන්ගෙ හිවල් හමුදාවට කට්ටිය වැඩියෙන්ම කැමැත්තෙන් ගිහින් තියෙන්නෙ. ඒකට හේතුව තමයි අපේ සිංහල අයියලගෙ කලුජූලිය නිසා ඒ අයට ගොඩක් කරදර වීම. කොහොම හරි මේ දෙමළ ජාතියත් අර හිවල් හමුදාවට බැඳිල. ඒ අසූ ගනන් වල. ඒ පුද්ගලය ශ්‍රී ලංකා පොලීසියෙ හිටපු කෙනෙක් හින්ද එයාට හිවල් හමුදාවෙ ලොකු තැනක් තිබුන. ඒ කියන්නෙ එයා සිංහල ජාතිකයන්ට විරුද්දව කෙලින්ම වැඩ කලා. නමුත් බිරිඳ දිගටම තම සැමියා එක්ක දිගටම කිලිනොච්චියෙ රැදී සිටිය. අවසානයේ 2009 දී තමන්ගෙ ආදරණීය සැමියත් සමගම තමන්ගෙ ජාතිකයන්ගෙම වෙඩි උන්ඩයට මුහුන දුන්න.
සිංහල ජාතියට හතුරු කම් කලත් මේ කාන්තාවගෙ ආදරය අපිට ගොඩක් ආදර්ශවත්. අද කාලෙ තමන්ගෙ මිනිහවයි දරුවන්වයි දාල වෙන මිනිස්සු එක්ක යන වේ* ගෑනුන්ටයි, සමහර වේ* කෙල්ලන්ටයි හොඳ ආදර්ශයක් මේ කාන්තාව.
මේ කතාව මම දැනගත්තෙ නෙත් FM එකේ ගිය වැඩසටහනකින්. ඒ වැඩසටහනට ආපු රත්නශ්‍රී මහත්තය තමයි මේ කතාව කිව්වෙ. එයා කියනව LTTE සංවිධානෙ සමහර තරුණ අය තමන්ගෙ ආදරය ගැන මේ කාන්තාව ඉදිරියෙ දිවුරුම් දීල තියනවලු . ඔවුන් මේ කාන්තව වීරත්වයේලා සලකල තියනවලු. ඒ තමන්ගෙ ආදරය වෙනුවෙන් මෙච්චර පරිත්‍යාගයක් කරපුනිසා.
අහ්හ්හ් මම තාම කිව්වෙ නැහැනෙ කවුද මේ දෙමළ ජාතිකය හා කාන්තාව කියල. ඒ දෙමළ ජාතිකය තමයි LTTEයෙ පොලිස් ප්‍රධානියා හා පසුව න්‍යායාචාර්ය වෙලා හිටපු නඩේසන්. මේ සින්දුවෙන් කියවෙන්නෙ නඩේසන්ගෙ බිරිඳ ගැන. මට නම හොයාගන්න නම් බැරි උනා.
සින්දුවත් අහලම යන්නකො.....
Tuesday, August 16, 2011
ෂර්ලොක් හෝම්ස් කතා වස්තුව!
ඉතින් කොහොමද යාලුවනේ...... ටික දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ. අද නම් මට සෑහෙන්න සතුටු දවසක්. මම කලින් ලියපු බ්ලොග් එකේ පොස්ට් ටික මට හොයාගන්න බැරුවනෙ තිබුනෙ. ඒත් අද මට ඒ ටික හම්බ උනා. feed burner එකේ තිබිල. ඉතින් මම හිතුව මගෙ කලින් බ්ලොග් එකේ තිබ්බ පොස්ට් එකක් අලුත් බ්ලොග් එකේ නැවත දාන්න. මේ පොස්ට් එක මම මුලින්ම දැම්මෙ 10/04/2009. මේකෙ දින වකවානු තියෙන්නෙ ඒ කාලයට අදාලව. මම එව වෙනස් කලේ නැහැ. නමුත් අලුතෙන් පින්තූර ටිකක් එකතු කලා. මේ පොස්ට් එක බලල comment කරන්න අමතක කරන්න එපා හොඳේ.....
පහුගිය 21 වෙනිදා Book Fair එකට ගිය වෙලාවෙ අපේ නෑන අලුත්ම ෂර්ලොක් හෝම්ස් කතා පොත ගත්ත. එයා ඉතින් ඔය ගත්ත හදිස්සියට ඕක කියවන්නෙ නැති බව දන්න නිසා එදාම මම ඉල්ල ගත්ත, සතියකින් කියවල ගෙනත් දෙන පොරොන්දුව පිට. ඔය අලුත් ෂර්ලොක් හෝම්ස් පොත් මෙලෝ රහක් නැති නිසා මම සල්ලි දීල ගන්නෙ නැහැ. කොහෙන් හරි හොයාගෙන කියවනව.
අලුත් පොත තමයි “සමුදුරේ සටන”. පොතේ පිට කවරෙ ලස්සන උනාට සුපුරුදු පරිදි ඇතුලෙ තිබ්බ කතා ටික නම් මෙලෝ රහක් නැහැ. මේ පාර තියෙන්නෙත් මෙලෝ රහක් නැති කතා ටිකක්. අභිරහස් නැවකුයි, තව තව සිද්ධි කීපයක් ගැනයි මේ පාර තියෙන්නෙ. දැන් මුද්‍රනය වෙන කතාවල අර පරණ කතාවල, එහෙම නැත්නම් නියම ෂර්ලොක් හෝම්ස් කතාවල වගේ ගතියක් නැහැ. මුල් කතාවල වැරදිකාරය හෝ
වැරැද්ද වෙච්ච විදිය කතාව ඉවරවෙන තෙක් අදුර ගන්න බැහැ. සමහර විට කතාව මැදදි අහිංසක විදියට හිටපු චරිතයක් කතාව අන්තිමට වැරදිකාරය වෙන්න පුලුවන්. මතකද ඩ්‍රැකිලා භීෂණය කතාව. ඒකෙ වැරදි කාරය වෙන්නෙ පොඩි ළමයෙක්.නමුත් දැන් පලවෙන කතා වල වැරදිකාරය කතාව මැදදිම උපකල්පනය කරන්න පුලුවන්. මම දකින විදියට ඒකට හේතුවක් තියනව.
වැරැද්ද වෙච්ච විදිය කතාව ඉවරවෙන තෙක් අදුර ගන්න බැහැ. සමහර විට කතාව මැදදි අහිංසක විදියට හිටපු චරිතයක් කතාව අන්තිමට වැරදිකාරය වෙන්න පුලුවන්. මතකද ඩ්‍රැකිලා භීෂණය කතාව. ඒකෙ වැරදි කාරය වෙන්නෙ පොඩි ළමයෙක්.නමුත් දැන් පලවෙන කතා වල වැරදිකාරය කතාව මැදදිම උපකල්පනය කරන්න පුලුවන්. මම දකින විදියට ඒකට හේතුවක් තියනව.
පළවෙනි කතා 54, ආතර් කොනන් ඩොයිල් ලියල තියෙන්නෙ පොඩි තියරියක් උඩ. ඒක තමයි “නිරීක්ෂණ මගින් නිගමන වලට එළඹීම”. මේ කතාව අපිට හෝම්ස්ගෙ දෙබසක් විදියට කතා කීපයකදීම දකින්න ලැබෙනව. නමුත් මේක හුදෙක් දෙබසක් විතරක් නෙමෙයි. කොනන් ඩොයිල් කතාව ලියනකොටත් මේ තියරිය පාවිච්චි කරල තියනව. මම මෙහෙම කියන්නෙ ඇයි කියන එකට හොඳ පිලිතුරක් ඉස්සරහට ලැබෙයි. මම හිතන විදියට කොනන් ඩොයිල් ගෙ මේ තියරිය නිසා තමයි, මේ කතා ගොඩක් ජනප්‍රිය උනේ. ඒ විතරක් නෙමෙයි. කොනන් ඩොයිල්ට හොද කතා ගොඩනැගී මේ හැකියාවක් තිබුන. ඒකත් එක හේතුවක් මේ කතා ජනප්‍රිය වෙන්න. මෙහම කියනකොට මට මතක් වෙන්නෙ “වොට්සන් හපනෙක් වූ හැටි” කියන කතාව. ඒක පොඩි කතාවක් උනාට බොහොම සිත්ගන්න සුලු විදියට ලියල තියනව. කතාව ආරම්භයෙදි වොට්සන් පාවිච්චි කරන්නෙත් ඔය කියන තියරියමයි. හැබැයි අවසානයට වොට්සන්ගෙ උපකල්පන ඔක්කොම වැරදෙනව. නමුත් අර කිව්ව තියරිය නම් බිඳෙන්නෙ නැහැ. මම දකින්නෙ මේක තමයි කොනන් ඩොයිල් ගෙ කතා ගොඩනැගීමේ හැකියාව.
ඒත් දැන් පළවෙන කතාවල අර සිද්ධාන්තය නියම විදියට යොදා ගන්නවද කියන එක සැක සහිතයි. දැන් පළවෙන කතාවල මේ තියරිය පාවිච්චි උනත් ඒක කතාවෙ අන්තිමට සිත්ගන්න සුලු විදියට පැහැදිලි කෙරෙන්නෙ නැහැ. අනික තමයි කොනන් ඩොයිල්ට තිබුනු කතා ගොඩනැගීමේ හැකියාව වර්තමාන රචකයට එච්චර හොඳට නැහැ කියලයි මම හිතන්නෙ. ඔන්න ඔය හේතු නිසාතමයි දන් පළවෙන කතා ගොඩක් නීරස වෙලා තියෙන්නෙ. ඇයි වර්තමාන රචකයට එච්චර හොඳට අර සිද්ධන්තය යොදාගන්න බැරි. පහළ තියන ටිකත් කියවන්නකො. එතකොට අදහසක් ලැබෙයි.
මේ කියන්න හදන්නෙ කවුරුත් වැඩිය නොදන්න කතාවක්. කියවල බලන්නකෝ. කොහොමද කොනන් ඩොයිල්ට හොඳට කතා ගොතන්න පුලුවන් උනේ? ඒකට එක හේතුවක් තමයි කොනන් ඩොයිල්ගෙ පවුලෙ කට්ටිය ගොඩ දෙනෙකුට තිබුනු හැකියාව. විශේෂයෙන්ම ඩොයිල්ගෙ ආච්චිට. ඊලඟට කොහොමද ඩොයිල් අර තියරිය හොඳට පාවිච්චිකලේ කතා ලියන කොට. ඒකට හේතුව තමයි ඩොයිල් හෝම්ස් එක්ක වැඩ කරල ලැබිච්ච අත්දැකීම්??????
දැන් කට්ටිය බලනව ඇති මේ මොන හරුපයක්ද කියල. කලබල වෙන්න එපා. කතාව මේකයි. ෂර්ලොක් හෝම්ස් කියන්නෙ හුදෙක්ම මනඃකල්පිත චරිතයක් නෙමෙයි. මේ කියන්න යන ෂර්ලොක් හෝම්ස් ගෙ නියම නම “ජෝෂප් බෙල්”.

ජෝෂප් බෙල් කියන්නෙ ආතර් කොනන් ඩොයිල්ගෙ ගුරුවරයෙක්. මම කියන්නම් කොහොමද මම මේ විස්තර හොයා ගත්තෙ කියල. මේ විස්තර ටික තිබුනෙ ශ්‍රීමත් සිඩ්නි ස්මිත්ගෙ Mostly Murder කියන පොතේ තිබිල. ඒ පොත දැන් “ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් පිලිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ” නමින් සිංහලට පරිවර්තනය කරල තියනව. සිඩ්නි ස්මිත් කියන්නෙ කොනන් ඩොයිල් ගෙ සමකාලීනයෙක්. ඒක නිසා ඔහුගෙ අදහස් බොහොම වැදගත් වෙනව.

ජෝෂප් බෙල් කියන්නෙ ආතර් කොනන් ඩොයිල්ගෙ ගුරුවරයෙක්. මම කියන්නම් කොහොමද මම මේ විස්තර හොයා ගත්තෙ කියල. මේ විස්තර ටික තිබුනෙ ශ්‍රීමත් සිඩ්නි ස්මිත්ගෙ Mostly Murder කියන පොතේ තිබිල. ඒ පොත දැන් “ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් පිලිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ” නමින් සිංහලට පරිවර්තනය කරල තියනව. සිඩ්නි ස්මිත් කියන්නෙ කොනන් ඩොයිල් ගෙ සමකාලීනයෙක්. ඒක නිසා ඔහුගෙ අදහස් බොහොම වැදගත් වෙනව.
සර් ආතර් කොනන් ඩොයිල් කියන්නෙ වෛද්‍යවරයෙක් කියන එක අපි කවුරුත් දන්නවනෙ. නමුත් ඔහු වෛද්‍ය වරයෙක් වෙන්න කලින් ඉඳලම ජෝෂප් බෙල් ගාව වැඩ කරල තියනව. ඒ බෙල්ගෙ චිකිත්සාගාරයේ බාහිර රෝගීන් පිලිබඳ ලිපිකරුවා විදියට. ඒ කාලෙ වෛද්‍ය උපාධිය ගන්න කලින් ඔයවගේ සුලු සුලු දේවල් කරන්න වෙලා තියනව. දැන් වගේ කෙලින්ම වෛද්‍ය විද්‍යාලයට යන්න ටිකක් අමරුයි ලු.
දැන් කියන්න හදන්නෙ ජෝෂප් බෙල් ගෙ වැඩ. ජෝෂප් බෙල් එක්තරා රෝගියකු ගෙන් අහල තියනව “ඔබ දකුණු ප්‍රදේශයෙන් ආපු නිසා ගොල්ෆ් පිටිය දිගේ ආපු ගමනෙන් විනෝදයක් ලැබුනද” කියල. හැබැයි මේ රෝගියා බෙල්ට සම්පූර්ණයෙන්ම ආගන්තුක රෝගියෙක්. ඔහු ඒ ප්‍රශ්ණය අහල තියෙන්නෙ රෝගියාගේ පාවහන් වල ගෑවිලා තිබ්බ මඩ නිරීක්ෂණය කරල. මතකද මේ වගේ අවස්ථා කීපයක් ම හමුවෙනව ෂර්ලොක් හෝම්ස් කතාවල. ඊලඟට තවත් ආගන්තුක රෝගියෙක් දිහා බලල බෙල් මහත්මය කියල තියනව, ඒ පුද්ගලය සපත්තු සාදන්නෙක් බවත් ඔහු වමත් කාරයෙක් බවත්. මේ බව නිගමනය කරල තියෙන්නෙ රෝගියාගේ කලිසම් කකුල් වල ගෙවුනු තැන් නිරීක්ෂණය කරල. මේ වගේ නිරීක්ෂණ හා නිගමන කීපයක් ම ෂර්ලොක් හෝම්ස් කතාවල තිබුන. දැන් වැටහෙනව නේද කොහොමද කොනන් ඩොයිල්ට මෙච්චර ලස්සනට කතා ගොඩනගන්න හැකියාව ලැබුනෙ කියල. මේ බෙල් ගුරුතුමා ගැන කොනන් ඩොයිල් තමන්ගෙ චරිතාපදානයෙත් ලියන්න අමතක කරල නැහැ. ඔහු ඒකෙදි කියනව බෙල් ගුරුතුමාව තමන් ආදර්ශයට ගත්ත කියල.
Mostly Murder පොතේ තියන විදියට කොනන් ඩොයිල් වෛද්‍ය වෘත්තියෙන් සාර්ථක වෙලා නැහැ. ඒ නිසා තමයි ඔහු ලියන්න පටන් ගෙන තියෙන්නෙ. ඔහුට ආපු අපූරු අදහස් තමයි තමන් ගෙ පරණ ගුරුවරයගෙ හැකියාවනුත් යොදාගෙන රහස් පරීක්ෂක කතාවක් ලෙස නිර්මාණය කලේ. ඒ කතාවල දොස්තර වොට්සන් ලෙස කරළියට එන්නෙත් කොනන් ඩොයිල්ම තමයි.ඉතින් ඔන්න ඔහොම තමයි ෂර්ලොක් හෝම්ස් කෙනෙක් මේ ලෝකෙට ඇති උනේ. ආ තව කියන්න දෙයක් තියනව. බේකර් වීදියෙ අංක 221b දරණ ගෙයත් හුදෙක්ම මනඃකල්පිතයක් නෙමෙයි. බලන්නකො පහත තියන Video එක…………
Subscribe to:
Posts (Atom)











