Pages

Thursday, August 25, 2011

සිත්ගත් ගීයක්

ටික දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ. පහුගිය දවස් ටිකේ ටිකක් කාර්යබහුල වෙලා හිටියෙ. අද මම දාන්න හදන්නෙ මගෙ හිතට ඇල්ලුව ගීතයක් ගැන. මේ කියන්න හදන කතාවෙ දෙපැත්තක් තියනව. මේකෙදි එක පැත්තක් විතරයි මම කතා කරන්නෙ. අනිත් පැත්ත අල්ලගෙන මට කොටිය කියල කියනව නෙමේයි ඕන්.......

මේ සින්දුව ලියල තියෙන්නෙ අපේ රටේ ඉන්න දක්ෂම පදරචකයෙක් වෙන රත්නශ්‍රී විජේසිංහයන් විසින්.ගායනය කරන්නෙ නැසීගිය ගුනදාස කපුගේ මහතා. සංගීතය ක්කගෙඩ කියන්න මම හරියටම දන්නෙ නැහැ. නමුත් වෙබ් අඩවියක සඳහන්වෙන විදියට සංගීතයත් කපුගේ මහතාගෙමයි.

මේ සින්දුවෙ හරි අපූරු යෙදුම් කීපයක්ම දකින්න පුලුවන්. සින්දුව පටන් ගන්නෙ සිංහල සින්දු කියන හැබැයි නළලෙ තිලක තියන කිරිල්ලියක් ගැන කියමින්.  මේක අමුතු යෙදුමක්. මෙතන කියන්නෙ උපතින් සිංහල නමුත් පසුව දෙමල ජාතිකයන් සමග ජීවත් වුනු කාන්තාවක් ගැන.

කවුද මේ කාන්තාව. මම කතාව කියන්නම්. මට කාලය නම් හරියටම මතක නැහැ. මතක විදියට හැත්තෑ ගන්නවල වගේ. ඒ කාලෙ පොලිසියට බඳව ගන්න සම්මුඛ පරීක්ෂණ තිබිල තියෙන්නෙ බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථානෙ විතරයි. ඉතින් මුලු රටේම පොලිසියට බැඳෙන්න කැමති අය කොළඹ එන්න ඕන. ඉතින් එක්තරා දවසක ගාල්ලෙ හිනිදුම පැත්තෙ ඉඳල තරුණියක් කොළඹ ආවා , කාන්තා පොලිස් කොස්තාපල්වරු බ්ඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න.  වාසනාවකට හෝ අවාසනාවකට මේ තරුණියව සම්මුඛ පරීක්ෂණයට භාජනය කලේ දෙමළ ජාතික පොලිස් නිලධාරියෙක්.

මේ තරුණිය සම්මුඛ පරීක්ෂණයෙන් සමත් උනා. කොහොම කොහොම හරි ටික දවසක් යද්දි මේ දෙන්න අතර ඇතිවුන ආදරයට ජාතිය බාදාවක් උනේ නම් නැහැ. මේ කාලෙ වෙනකොටත් උතුරෙ පොඩි පොඩි කචල් තිබිල තියනව. කොහොමින් හරි මේ සිද්ධිය තරුණියගෙ ගෙදර අයට දැනගන්න ලැබිල තියනව. ගාල්ලෙ හිනිදුම කියන්නෙ ඉතින් අමු සිංහල පැත්තක් නෙ. ඒක නිසාද කොහෙද ගෙදරින් මේ සම්බන්දය ගැන දැඩි විරෝදයක් එල්ල වෙලා. හැබැයි ඒ විරෝදය මේ තරුණිය ගනන් ගෙන නැහැ. කොහොම කොහොම හරි මේ දෙන්නා විවාහ වෙලා. තරුණිය මුරණ්ඩු කමට දෙමළ ජාතිකය එක්ක විවාහ උන නිසා තරුණියගෙ ගෙදර අය එයා මැරුණ කියල දානයකුත් දීල.     

 පස්සෙ කාලෙක ඇතිවෙච්ච කලුජූලිය නිසා මේ දෙමළ ජාතිකයට කරදර වෙලා තියනව. පස්සෙ මෙයා තමන්ගෙ බිරිඳත් එක්ක තමන්ගෙ උපන් ගම වෙච්ච යාපනයට ගිහිල්ල. මේ කාලෙ තමයි ප්‍රභාකරන්ගෙ හිවල් හමුදාවට කට්ටිය වැඩියෙන්ම කැමැත්තෙන් ගිහින් තියෙන්නෙ. ඒකට හේතුව තමයි අපේ සිංහල අයියලගෙ කලුජූලිය නිසා ඒ අයට ගොඩක් කරදර වීම. කොහොම හරි මේ දෙමළ ජාතියත් අර හිවල් හමුදාවට බැඳිල. ඒ අසූ ගනන් වල. ඒ පුද්ගලය ශ්‍රී ලංකා පොලීසියෙ හිටපු කෙනෙක් හින්ද එයාට හිවල් හමුදාවෙ ලොකු තැනක් තිබුන. ඒ කියන්නෙ එයා සිංහල ජාතිකයන්ට විරුද්දව කෙලින්ම වැඩ කලා. නමුත් බිරිඳ දිගටම තම සැමියා එක්ක දිගටම කිලිනොච්චියෙ රැදී සිටිය. අවසානයේ 2009 දී තමන්ගෙ ආදරණීය සැමියත් සමගම තමන්ගෙ ජාතිකයන්ගෙම වෙඩි උන්ඩයට මුහුන දුන්න.   

සිංහල ජාතියට හතුරු කම් කලත් මේ කාන්තාවගෙ ආදරය අපිට ගොඩක් ආදර්ශවත්. අද කාලෙ තමන්ගෙ මිනිහවයි දරුවන්වයි දාල වෙන මිනිස්සු එක්ක යන වේ* ගෑනුන්ටයි, සමහර වේ* කෙල්ලන්ටයි හොඳ ආදර්ශයක් මේ කාන්තාව. 

මේ කතාව මම දැනගත්තෙ නෙත් FM එකේ ගිය වැඩසටහනකින්. ඒ වැඩසටහනට ආපු රත්නශ්‍රී මහත්තය තමයි මේ කතාව කිව්වෙ. එයා කියනව LTTE  සංවිධානෙ සමහර තරුණ අය තමන්ගෙ ආදරය ගැන මේ කාන්තාව ඉදිරියෙ දිවුරුම් දීල තියනවලු . ඔවුන් මේ කාන්තව වීරත්වයේලා සලකල තියනවලු. ඒ තමන්ගෙ ආදරය වෙනුවෙන් මෙච්චර පරිත්‍යාගයක් කරපුනිසා.

අහ්හ්හ් මම තාම කිව්වෙ නැහැනෙ කවුද මේ දෙමළ ජාතිකය හා කාන්තාව කියල. ඒ දෙමළ ජාතිකය තමයි LTTEයෙ පොලිස් ප්‍රධානියා හා පසුව න්‍යායාචාර්ය වෙලා හිටපු නඩේසන්. මේ සින්දුවෙන් කියවෙන්නෙ නඩේසන්ගෙ බිරිඳ ගැන. මට නම හොයාගන්න නම් බැරි උනා.  

සින්දුවත් අහලම යන්නකො.....





2 comments:

  1. මැක්සා කථාව... අදනේ ඔය වගක් දන්නේ. සින්දුව අහලා තිබුණට, ආසා හිතුනට ඔච්චර සීන් එකක් කියලා කවුද දන්නේ. කොහොම වුනත් හැමෝටම දැනගන්න මේ කථාව පෝස්ට් කලාට ස්තුතියි මචං... ජයවේවා !

    ReplyDelete
  2. මමත් හුගාක් ආස සිංදුවක් මේක.. ඒත් අද තමයි මේකෙ කතාව දැනගත්තෙ.. නියමයි..!!
    දිගටම ලියන්න.. ජය..!!

    ReplyDelete