Pages

Thursday, November 8, 2012

මොනවද මේ 3D BIOS....


හ්ම්ම්ම්ම්ම්ම්...බොහොම කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ. දිගටම  ලියනව කියල හිතාගෙන බ්ලොග් එක පටන්ගත්තට දිගටම  ලියන්න බැරි උනානෙ.. කම්මැලි කමයි වැඩ වැඩි කමයි දෙකම. හරි කොහොම උනත් ඔන්න ආයෙත් මේ පැත්තට ආව.
මම දැන් කතා කරන්න යන්නෙ පරිගණක ලෝකයට අලුතෙන් එකතු වෙච්ච තාක්ෂණයක් ගැන. අලුත් කිව්වට මේක අලුත්ම නැහැ..එකතුවෙලා ටික කාලයක් වෙනව. මේ තාක්ෂණය තමයි Unified Extensible Firmware Interface කියන එක. තව වචනයකින් කියනවනම් 3D BIOS.

හරි ඉස්සෙල්ලම බලමු මොකද්ද BIOS කියන්නෙ කියල. BIOS කියන්නෙ පරිගණකයේ තියන Firmware Chip එක. මොකද්ද ඒකෙන් කරන්නෙ?? ඇත්තටම BIOS එකෙන් තමයි පරිගණකය  මුල්ම අවස්තාවෙදි පාලනය කරන්නෙ. ඒ කියන්නෙ පරිගණකය ක්‍රියාත්මක කරපු ගමන්ම මුලින්ම BIOS චිප් එක ක්‍රියාත්මක වෙනව. ඊට පස්සෙ ඒකෙ තියන වැඩසටහනට අනුකූලව එයා ක්‍රියා කරන්න ගන්නව. BIOS එකේ මුල්ම ක්‍රියාව තමයි පරිගණකයට  සම්බන්ද කරල තියන හාර්ඩ්වයා උපකරන හරියට ක්‍රියාත්මක වෙනවද කියල බලන එක. එක POST(Power On Self Test) කියල හඳුන්වනව. පරිගණකයට සම්බන්ඳ සියලුම උපකරන හරියට වැඩ නම්, අන්න ඊට පස්සෙ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ලෝඩ් වෙන්න ගන්නව.
POST එකට අමතරව BIOS එක තව වැඩ කීපයක් කරන්ව. එයා පරිගණකයේ දිනය,වෙලාව ආදී විස්තර මතක තියාගෙන ඉන්නව. ඊට අමතරව සම්බන්ධ කරල තියන උපාංගවල විස්තර මතක තියාගෙන ඉන්නව. අපිට මේ විස්තර බලාගන්න හරි වෙනස් කරන්න හරි පුලුවන්. එකට BIOS එකේ User Interface(UI) එකක් හදල තියනව.

ඔය පහල දාල තියෙන්නෙ BIOS Setup UI එකක පින්තූරයක්.



දැන් ඉතින් බලමු මොකද්ද මේ 3D BIOS එහෙම නැත්නම් Unified Extensible Firmware Interface  කියන්නෙ කියල. ඔය උඩ දාල තියන පින්තූරෙ බැලුවම පේනව සාමාන්‍යය BIOS UI එක ද්වීමාන එකක් කියල. අනිත් එක ඒ UI එකේ හැම දෙයක්ම කරන්න තියෙන්නෙ keyboard එක පාවිච්චිකරල. Mouse එක වැඩකරන්නෙ නැහැනෙ. හැබැයි දැන් හඳුන්වල දීල තියන3D BIOS තාක්ෂණයේ මේ UI එක ත්‍රිමානව බොහොම ලස්සනට හදල තියනව. හොඳම එක තමයි මේකෙ mouse එක වැඩ. ඔක්කොම දේවල් mouse එක පාවිච්චි කරල කරන්න පුලුවන්. ඒක බොහොම ලොකු උදව්වක් වේවි වැඩිය දැනුමක් නැති අයට.

ඔන්න බලන්න අලුත් UI එක.


මේ තාක්ෂණය මුලින්ම දියුණු කලේ ඉන්ටෙල් සමාගම. ඒ කාලෙ මේක හැඳින්නුවෙ EFI කියල. පස්සෙ එ ගොල්ලො මේ තාක්ෂණය Unified EFI Forum ඒකට දුන්නා. Unified EFI Forum කියන්නෙ ලෝකයේ තියන ප්‍රධාන තාක්ෂණික සමාගම් කීපයක එකතුවක්. අන්තිමට UEFI එහෙම නැත්නම් 3D BIOS තාක්ෂණය දැන් තියන විදියට ලෝකෙට හඳුන්වල දුන්නෙ Unified EFI Forum එක තමයි. ඇත්තටම ඉතින් මේ 3D BIOS කුඩා ප්‍රමානයේ මෙහෙයුම් පද්ධතිය වගේ. මේක භාවිතා කරන්න හරිම පහසුයි. මම උඩ තියන රූපයෙන්ම පැහැදිලි කරන්නම්. මේ මදර්බෝඩ් එකේ RAM එකේ මොනව හරි වෙනස් කරන්න ඕන නම් කෙලින්ම RAM එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සෙ එන වින්ඩෝ එකෙන් බොහොම ලේසියෙන් RAM එකට සම්බන්ද දේවල් වෙනස් කරගන්න පුලුවන්. ප්‍රොසෙසරය සම්බන්ද දෙයක් වෙනස් කරන්න ඕන නම් ප්‍රොසෙසරය උඩ ක්ලික් කරන්න. ඒ වගේ බොහොම ලේසි වෙන්න තමයි මේ තාක්ෂණය හදල තියෙන්නෙ. මම නම් හිතන්නෙ මේක බොහොම ඉක්මනටම ජනප්‍රිය වෙයි.
ඔය උඩ දාල තියෙන්නෙ Gigabyte GA-Z77-D3H  මදර් බෝඩ් එකේ රූපයක්. ඔය මදර් බෝඩ් එක newegg.com එකේ නම් ඩොලර් 119 කට ගන්න තියනව. හරි දැන් නම් ඉතින් ඇති. මගෙ අතත් රිදෙනව. ඔයාලට තව වැඩි විස්තර පහල ලින්ක් එකෙන් ගියොත් ලබාගන්න පුලුවන්. ආ.. ඒකට යන්න කලින් මේ වීඩියෝ එකත් බලලම යන්න. ඔන්න එහෙනම් මම ගියා.....


වැඩි විස්තර

5 comments:

  1. ධනූ , ඔයාට ස්තූතියි .අපව දැනුවත් කලාට . ඇයි මේ හුඟක් අය 'බයෝස් ' වලට මෙච්චර බය ? 'බයෝස් ' අප්ඩේට් කිරීම සමහරු සලකන්නේ හරියට ජීවීතයත් මරණයත් අතර සටනක් වගේ ! ඒක ඇත්තක්ද ? පොඩ්ඩක් පැහැදිලිකරල දෙනවද ?

    ReplyDelete
  2. අලුතෙන් එනක ටෙක්නොලොජි නෙව..අපිට නම් මේවට අතගහන්න දැන්ම හැකි වෙයිද

    ReplyDelete
  3. ස්තූථියි BIOS ගැන දැනුවත් කලාට... :)

    ReplyDelete
  4. හහ් හා !!! ධනූට බ්ලොග් එක මතකයි තාම එහෙනම් !!! මම හිතුවා කැමරාවට ඔක්කොම යටයි කියලා ... :P

    බයෝස් වලට ගොඩාක් අය බයයි. මම හිතන්නේ ඒ බය ඇති කරන්නේ එයාලට මුලින්ම පරිගණකය ගැන කියලා දෙන අයමයි. ගොඩාක් වෙලාවට බයෝස් තහනම් කලාපයක් කරලා...

    මම හිතන්නේ බයෝස් වලින් වැඩ කරන අය දැන ගන්න ඕනේ Fail Safe Defaults සෙට් කරගන්න හැටි විතරයි... මොනවා අල වුනත් එතකොට හදා ගන්න පුළුවන් නොවැ... ඒ ගැනත් ලිපියක් දාපන්...

    අළුත් තාක්ෂණය නොදන්න අයට කියලා දෙන එක ලොකු පිනක්... වැඩේ දිගට කරමු ලොක්කා... ජයෙන් ජය !!!

    ReplyDelete
  5. @ චිත්‍රක... බොහොම ස්තූතියි කමෙන්ට් එකට. BIOS update කරන එක ගැන නම් ටිකක් බය වෙන්න ඕන තමයි. BIOS update කරනවා කියන්නෙ මව්පුවරුවේ එන සාමාන්‍ය BIOS program වෙනුවට අලුත් එකක් හරි නැත්නම් තියන එකටම තව අමතර දෙයක් එකතු කරන එක. ඕක කරන අතරතුර මොනවහරි අවුලක් උනොත් ඉතින් ඉවරයි. මොකද ආයෙ ඒ මව්පුවරුවෙන් වැඩක් ගන්න බැරි තත්වෙට පත් වෙනව. අපිට BIOS update කරන්න නම් ඕන වෙන්නෙත් නැති තරම්.

    @රතී... හම්ම්ම්...මම හිතන්නෙ අපිටත් බොහොම ඉක්මනටම මේවගේ මව්පුවරු එක්ක වැඩකරන්න ලැබෙයි. හැබැයි ඒක හරියටම තීරණය කරන්නෙ Unity Plazza එකේ ඉන්න මුස්ලිම් මහත්වරු ටික. ඔය උඩ දාල තියන මව්පුවරුව core i third generation එකට හදපු එකක්. ඒ CPU එක නම් දැනටමත් මෙහෙ තියනව. ඔය මව්පුවරුවත් ඉක්මනට එයි කියල හිතනව...

    @හිතුවක්කාරි... බොහොම ස්තූතියි කමෙන්ට් එකට..!!

    @චතූ...හෙහ් හෙහ්..එහෙම අමතක කරනවද වටින කියන දේවල්..ඔව් ඇත්තටම..ගොඩක් කට්ටිය BIOS වල වැඩ කරන්න බයයි. නමුත් ඒකට එච්චර බය වෙන්න ඕන නැහැ. ටිකක් හරි බය වෙන්න ඕන BIOS update කරන්න තමයි. බොහොම ස්තූතියි කොමෙන්ට් එකට.. ජය වේවා..!!!

    ReplyDelete