Pages

Monday, December 31, 2012

ආයුබෝවන් 2012..ආයුබෝවන් 2013..

හ්ම්ම්ම්ම්ම්.... 2012 අවුරුද්දත් බොහොම ඉක්මනට ගෙවුන. ඒ කියන්නෙ තවත් අපි මාරයට ලංවෙනව කියන එකනෙ..කොහොම උනත්  අපි මේ ගත කරන්නෙ 2012 අවුරුද්දෙ අන්තිම පැය කීපය. මට හිතෙන විදියට නම් මේ තමයි ගත වෙච්ච අවුරුද්ද දිහා හැරිල බලන්න හොඳම වෙලාව.පහුගිය අවුරුද්දෙ කරපු වීරකම් මෝඩකම් ලැබිච්ච අත්දැකීම් ගැන මෙනෙහි කරන්න හොඳම වෙලාව.ඇත්තටම මේ ගත වෙච්ච 2012 අවුරුද්ද නම් මගේ ජීවිතේට ගොඩක් දේවල් එකතු කරපු අවුරුද්දක්.


මට නම් 2012 අවුරුද්ද පටන් ගත්තෙම බොහොම හැල හැප්පීම් එක්ක. ලොකුම අවුල උනේ රැකියාව සම්බන්දව තිබ්බ අවුල් සහගත තත්වය. ඒත් එක්කම තවත් කාරනාවක් සම්බන්දයෙන් පොඩි අවුලක් නිර්මානය වෙමින් පවතින කොට තමයි 2012 පටන් ගත්තෙ.

මේ අවුරුද්දෙ මුල් මාස කීපය නම් බොහොම කරදර කාරී වාතාවරණයකට මූන දෙන්න සිද්දවුනා. මුලින්ම උනේ මගේ ජීවිතේ බොහොම ලගින්ම හිටපු තවත් ලං කරගන්න උත්සහ කරපු කෙනෙක් මගෙන් ඈත් වෙලාම ගිය එක. ඇත්තටම ඒ කාරනාව නම් මට සෑහෙන්න බලපෑමක් කලා ජිවිතේට. නමුත් ඉතින් කරන්න දෙයක් තිබ්බෙ නැහැ. ඒ මතකය අතීතයට එකතු වෙන්න දෙනව ඇරෙන්න කරන්න වෙන දෙයක් තිබුනෙ නැහැ. හැබැයි ඒ සිදුවීමත් ඒ වටේ තිබ්බ තවත් සිදුවීමුත් මගේ ජීවිතේට බොහොම ලොකු අත්දැකීම් ගොඩක් එකතු කරල දුන්න.

ඔය සිදුවීමෙන් මාසයක්  යන්නත් කලින් මට මගේ රැකියාව  මාරුකරන්නත් උනා. මම කරමින් හිටපු ගුරුකමට ආයුබෝවන් කියල වෙනත් රැකියාවක් හොයාගෙන ගියෙ රැකියා ස්ථානයේ තිබ්බ ගැටලුත් එන්න එන්නම වැඩිවෙච්ච නිසා. මම හිතාගෙන හිටියෙ නම් අලුත් රැකියාව හොඳ එකක් වෙයි කියල. නමුත් හිතුවට වඩා ඒ රැකියාව බොහොම අමාරු උනා. මූලිකවම මට තිබ්බෙ ඇවිදින්න. ටික දවසක් යනකොට තමයි නියම රහ දැනෙන්න ගත්තෙ. මොනව කරන්නද එතෙන්ටත් ඉක්මනටම සමු දෙන්න උනා.

ඔන්න ඔය විදියට තමයි මේ අවුරුද්ද පටන් ගත්තෙ. හැබැයි ඔය කරදර ටික දිගටම නම් තිබ්බෙ නැහැ. ටික ටික අඩු උනා. රැකියාවත් නැතුව අතේ සතේ නැතුව වේලි වේලි ටික දවසක් හිටියට අන්තිමට ආයෙත් වෙන ආයතනයක ගුරු රස්සාවටම යන්න අවස්ථාව ලැබුන. නිකන් නෙවෙයි, මුලින් ලැබුන පඩිය වගේ 3 ගුනයක් විතර වැඩි පඩියකට. දිගින් දිගටම පරාජයන් ලැබුවට මේ ලැබිච්ච අවස්ථාව නම් බොහොම ලොකු දෙයක් උනා ජීවිතේට.

තව වැදගත් දෙයක් තමයි මේ අවුරුද්දෙ අලුත් විෂයයන් ටිකක් ඉගෙන ගන්නත් පටන් ගත්ත. විශේෂයෙන්ම ජොතිශ්‍යය ඉගන ගන්න පටන්න ගැනීම. ඒ වගේම තමයි DSLR කැමරාවක් ගැනීම හීනයක් වෙලා තිබ්බ මට ඒ හීනය සැබෑකරගන්න වාසනාව ලැබීම. ඔය වගේ ලොකු දේවල් ටිකක් මේ අවුරුද්දෙ ලබාගන්නත් හැකි උනා. හැබැයි ඉතින් තාම පොඩි හිඩසක් නම් තියනව. බලමු ඉතින් ඊලඟ අවුරුද්දෙවත් ඒ හිඩැස සම්පූර්ණ කර ගන්න පුලුවන් වෙයිද කියල..

කොහොම නමුත් මේ ලබන්නවු 2013 අවුරුද්දට මම යන්නේ හිතේ සැහැල්ලුවෙන්. ඒ වගේම ගොඩක් බලාපොරොත්තු එක්ක. මේ අවුරුද්දට ලඟාකර ගන්න ඕන ඉලක්ක කීපයක්ම තියන්ව. මම හිතනව ඒවායින් බොහොමයකට ලඟාවෙන්න පුලුවන් වෙයි කියල. අවසාන වශයෙන් මේ ලබන්නවූ 2013 අවුරුද්ද ඔබ සියලු දෙනාටම සියලු ප්‍රාර්ථනාඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව...!!!





7 comments:

  1. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා

    ReplyDelete
  2. //හැබැයි ඉතින් තාම පොඩි හිඩසක් නම් තියනව// ඒ හිඩැසත් මේ අලුත් අවුරුද්දෙ සම්පුණ කරගන්න ලැබේවා!!! ;) :D අපි දෙන්නාම් ෆුල් සපොට් එක...

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. //අපි දෙන්නාම් ෆුල් සපොට් එක...// අහ්හ්හ්...ඔය තියෙන්නෙ..හෙහ් හෙහ්..බොහොම ස්තූතියි හිතුවක්කාරි..

      Delete
  3. කතන්දර අයිය මේ පැත්තට ගොඩ උනේ පලවෙනි වතාවට නේද?? බොහොම ස්තූතියි කමෙන්ට් එකට..

    ReplyDelete
  4. ධනූ, සමාවෙයන් මෙච්චර කල් මේක ඇහැ නොගැටුනාට !

    උඹේ අවුල් කාලේ 2012 න් ඉවරයි... 2013 අළුත් විදියට පටන් ගමු...!!!

    අර හිතූ කිව්ව විදියට ඔය කියන අඩුපාඩුවත් අදාල වෙලාවට හරියාවි...
    “...ඒ එන තුරා... හිත හදාගෙන ඉඳින්...“

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්..පිස්සුද බන්,,ඕකට සමාව ඉල්ලන්න ඕනද..මම දන්නවනෙ උබ මේ දවස් වල ඉන්න තත්වෙ.. මේ නරකද අලුත් ආරංචිය ගැන පොස්ට් එකක් දැම්මොත්... ඔව් ඔව්..මම තාමත් සුබවාදීව ඉන්නව...බලමු මේ අවුරුද්ද සුබ වේවි.. ස්තූතියි කමෙන්ට් එකට..ජය වේවා..!!!

      Delete